ඔහුගේ අසාමාන්‍ය හැසිරීම්වලට තිබුණු ආශාව නිසාම දවසින් දවස මම ඔහුට ළං වුණා...  

රැකියාවක් නොකරන තිස් දෙහැවිරිදි වියේ පසු වූ ප්‍රදීපා තවමත් අවිවාහක තරුණියක්. ප්‍රදීපා එක්තරා අවස්ථාවක තවත් මිතුරියක ද සමගින් නීතිඥවරයකු හමුවන්නට ගියේ එම මිතුරියට නීති උපදෙසක් අවශ්‍ය වීම නිසයි. මෙහිදී තමයි මුලින්ම මේ නීතිඥවරයාව ප්‍රදීපාට දැක ගන්න අවස්ථාව ලැබෙන්නෙ. ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒ වගේම විවාහකයෙක්.

මේ තැනැත්තා මිතුරියට නීති උපදෙස් ලබා දෙන අතරේ වතාවක් දෙකක් ප්‍රදීපා දෙසත් බැලුවේ ඔහු කියන කාරණා දෙදෙනාටම ‍පොදුවේ පැවසීමක් වශයෙනුයි. කෙසේ හෝ එදායින් පසු ප්‍රදීපාට මේ නීතිඥවරයා පිළිබඳ නිතරම සිතට නැගෙන්නට වුණා. ඇයට සිතුනේම ඔහු තමා දෙස අමුතු ආකාරයට බැලුවා කියලයි. ඒ අනුව ඔහු තමා ගැන උනන්දු බවටත් ඔහුගේ සිතේ තමා කෙරෙහි ආදරයක් ඇතිවී තිබෙන බවටත් ප්‍රදීපා තුළ තදබල විශ්වාසයක් ඇති වුණා.

තමන්ට මඩ ගැසූ වෙබ් අඩවි පුවත ගැන සමනලී ප්‍රසිද්ධියේ කියයි! - (වීඩියෝ) 

පසුගිය 17 වැනි දා පුවත් වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් වෙබ් අඩවිය මගින් සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික කරුණක් සම්බන්ධව පුවතක් පළකොට තිබුණි. කෙසේනමුත් මේවනවිට එම පුවත ඵළකළ වෙබ් අඩවිය අදාළ පුවත වෙබ් අඩවියෙන් ඉවත්කිරීමට පෙර ඵලකර තිබුණේ මෙලෙසිනි.

"සමනලී එක්ක මධුසමයට බැංකොක් ගියා... - පරාක්‍රමට කුණුහරුපෙන් බැන අනෝමා ප්‍රසිද්ධියේ පහරදෙයි" "ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල දිනවීම සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ රුපියල් ලක්ෂ 62ක වියදමින් ආරම්භකර ඇති පුරවැසි බලය එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සාකච්ඡාව ඊයේ පස්වරුවේ පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේ ආරම්භකර මොහොතකින් එය එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.

ජ්‍යෝතිෂ්‍යවේදී චන්ද්‍රසිරිගේ නවතම අනාවැකිය....

එළබෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පරදා 'මහින්ද රාජපක්ෂ' මහතා නැවත වතාවක් ජනාධිපති ධූරය නොලබා පරාජය වුවහොත්, තමා වෙඩි තබාගන්නා බව ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී 'චන්ද්‍රසිරි බණ්ඩාර' මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඉකුත් 17 වැනිදා පැවති සිරස 'සටන' සංවාදාත්මක වැඩසටහනට එක් වෙමිනි. කෙසේ වෙතත් මාධ්‍යවේදී 'කිංස්ලි රත්නායක' යොමු කළ ප්‍රශ්ණයකට ඔහු පිළිතුර දුන්නේ ‘සහතිකවම මම සූදානම් අර වාසු කිව්වා වගේ වෙඩිතියාගන්න මේ විදියටම මෙතනට ඇවිල්ලා’ යනුවෙනි.

පක්ෂ සාමාජිකත්වය අහිමිවීම ගැන හිරුණිකා කතා කරයි! 
 

ඉකුත් පැවැති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් බස්නාහිරින් විශාල මනාප ප්‍රමාණයක් ලබා පළාත් සභාවට එක් වී පසුව ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට එක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කොට තිබේ. එහි සභාපති ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මේ බව හිරුණිකාට දැනුම් දී ඇත. එම ලිපි‍යේ සදහන් වන්නේ,

"ඔබ‍ගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ‍යේ කීර්තිනාමයට, යහපැවැත්මට හා උන්නතියට සිදුවූ හානිය ‍හේතු‍කොට‍ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍යේ සභාපතිවරයා වශ‍යෙන් පක්ෂ ව්‍යවස්ථා‍වේ 15 වන වගන්ති‍යේ i ( අ ) උප වගන්තිය යට‍තේ පක්ෂ‍යේ කීර්තිනාමයට ‍හෝ යහපැවැත්මට හා උන්නතිය තකා අවශ්‍ය නම් සමාජික‍යෙකු‍ගේ සාමාජිකත්වය තහනම් කිරීමට මා ‍වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව

ස්කයිප් හරහා හඳුනාගත්
තරුණියන්ට බොරු පොරොන්දු
දී ඔවුන් අනාත කරලා......

තරුණියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇය සතු රුපියල් විසිතුන් ලක්‍ෂයක මුදලක් වංචා කළ බව කියන මෙරට ප්‍රසිද්ධ FM නාළිකාවක සේවයේ නිරත මාධ්‍යවේදියකුගේ බැංකු ගිණුම්වල වාර්තා ලබා ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කොළඹ වංචා විමර්ශන අංශයට පෙරේදා (17දා) නියෝග කර තිබුණි.

පරමලිංගම් චන්ද්‍රමෝහන් නමැති අයකුගේ බැංකු ගිණුම්වල වාර්තා ලබාගැනීමට මෙසේ නියම කෙරිණි. චුන්නාකම් දුම්රියපළ පාරේ පදිංචි 'තිරුනා කරසු සංගීතා' නමැති තරුණියක් කොළඹ වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කළේය. මෙම තරුණිය 2011 වර්ෂයට පෙර ඇගේ මිතුරියක මාර්ගයෙන් මෙම මාධ්‍යවේදියා හඳුනාගෙන ඇති අතර 2011 වර්ෂයේදී ඇය එංගලන්තයට ගොස් ඇත.

http://gallery.egossip.lk/2014/12/lahiru-thirimannes-wedding.html

ලහිරු තිරිමාන්න යුග දිවියට.....  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන "ලහිරු තිරිමාන්නගේ විවාහ උත්සවය ඊයේ දිනයේ (17.12.2014) Cinnamon Grand හෝටලයේදී
රත්නපුර පොලිසියෙන් ගුටි කෑ වීදී සරණ ලිය අතුරුදහන්!

මීට මාස කිහිපයකට ඉහත දී අන්තර්ජාලය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ පුවත ආයෙමත් වතාවක් කරලියට ඇවිත්. ඒ අලුත්ම පුවතක් සමඟින්. රත්නපුර නගරයේ දී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත්, රත්නපුර පෙදෙසේ වීදී සරණ ලියක ලෙසින් ප්‍රකටව සිටි "බට්‌ටී" නමැති කාන්තාව මේ වනවිට අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන සීතාවකපුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කණ්‌ඩායමක්‌ කාන්තිලතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ඇය සිටින ස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කළ ද මෙතෙක් ඇය ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට හැකිවී නැත. කාන්තිලතා නමැති කාන්තාවගේ, මවගේ නිවස සොයාගත් පොලිසිය එහි ගොස්‌ පරීක්‍ෂා කළද ඇය එහි ද සිට නැත.

“ කාට දුන්නත් ජනාධිපති අපේක්ෂකත්වය මහින්දට දෙන්න එපා..”-විජේදාස !

"ඔව් මම එහෙම කිව්වා තමයි.." - විමල් කතාව පිළිගනියි

ඊයේ (17 වැනි බදාදා) රාත්‍රී ‘දෙරණ’ නාලිකාව හරහා විකාශනය කරනු ලබන ‘ වාදපිටිය’ දේශපාලන වාද විවාධාත්මක වැඩසටහන සදහා රජය නියෝජනය කරමින් 'විමල් වීරවංශ' හා 'රෙජිනෝල්ඩ් කුරේ' යන අමාත්‍යවරුන් ද, විපක්ෂය වෙනුවෙන් 'සුජීව සේනසිංහ' හා 'විජේදාස ‍රාජපක්ෂ' යන මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටි අතර එහිදී විජේදාස ‍රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙතෙක් බොහෝ දෙනෙකු නොදැන සිටි අපූරූ රහසක් හෙළිකර සිටියේ ය.

එනම් 2005 වසරේ දී 'චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක' මැතිණිය ජනාධිපතිනියව සිටිය දී විමල් වීරවංශ මහතා විසින් එවකට අගමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් කර ඇති  රහසිගත ඉල්ලීමක් පිළිබදව ය. විමල් වීරවංශ මහතා එදා 2005 වසරේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් ඉල්ලා ඇත්තේ කාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නත් , මහින්ද රාජපක්ෂ මහතාව  ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් නොකරන ලෙසය.